බංග්ලාදේශ නාවික හමුදාවට අයත් ‘BNS SOMUDRA JOY’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2025 ජනවාරි මස 31 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි බංග්ලාදේශ නාවික හමුදාවේ Frigate (Modified Hamilton Class High Endurance Cutter) වර්ගයට අයත් නෞකාවක් වන ‘BNS SOMUDRA JOY’ යුද නෞකාව, නිල සංචාරය නිම කරමින් අද (2025 පෙබරවාරි 02) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

නෞකාව දිවයිනේ රැදීසිටි කාලසීමාව තුල එහි අණදෙන නිලධාරී කපිතාන් Md. Shahriar Alam සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා අතර නිල හමුවක් එම විධාන මූලස්ථානයේදී සිදු කෙරුණු අතර, එහි නැව්මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමටද එක්විය.

තවද, නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද එම නෞකාව තුළදී පැවැත්විණි.