අලුත්වැඩියා කළ 84S වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය රයිෆල් 34ක් නාවික හමුදාව මඟින් වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ වෙත ලබාදෙයි
වෙඩි තැබීමේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කරන ලද 84S වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය රයිෆල් 34ක් ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ආරක්‍ෂක ප්‍රමිතීන්ට අනුකූලව අලුත්වැඩියා කර වෙඩි තැබීමේ ක්‍රිඩා සමාජ අතර බෙදාදීම 2025 පෙබරවාරි මස 08 වැනි දින පානළුව වෙඩි පිටියේදී සිදු කෙරිණි.
ඒ අනුව, භාවිතයෙන් ඉවත් කිරීමට නියමිතව තිබු 84S වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය රයිෆල් 34ක් ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමය මඟින් නාවික හමුදාව වෙත භාර ගැනීමෙන් අනතුරුව, ආරක්‍ෂක ප්‍රමිතීන්ට අනුකූලව අලුත්වැඩියා කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. වෙඩි තැබීමේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් එලෙස අලුත්වැඩියා කරන ලද 84S වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය රයිෆල් 34ක් ජාතික රයිෆල් සංගමයේ සභාපති, අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුල්‍ය රියර් අද්මිරාල් මංජුල දිසානායක ගේ ප්‍රධානත්වයෙන් මෙලෙස 2025 පෙබරවාරි මස 08 වැනි දින වෙඩි තැබීම සඳහා ලියාපදිංචි, ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩි තැබීමේ ඉසව් සඳහා සහභාගී වන ක්‍රිඩා සමාජ අතර බෙදාදීම පානළුව දී සිදු කෙරිණි.