එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලයේ ප්‍රධානී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලයේ ප්‍රධානී රියර් අද්මිරාල් Angus Essenhigh නිල හමුවක් සඳහා අද (2025 පෙබරවාරි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති කාන්චන බානගොඩ හමුවිය.

ඒ අනුව, මෙම නිල හමුවේදී එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර උපායමාර්ගික ජල ශාස්ත්‍රීය සහයෝගීතාව හා ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ නාවික හමුදාධිපති සහ එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලයේ ප්‍රධානී අතර අදහස් හුවමාරුවක් සිදු කෙරිණි.

තවද, මෙම නිල හමුව සඳහා ශ්‍රී ලංකා ජල ශාස්ත්‍රිය කාර්යාලයේ ප්‍රධානී රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය සහ එක්සත් රාජධානීයේ ජලශාස්ත්‍රිය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වි සිට අතර, එම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.