නාවික හමුදාව විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායනයක් සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව හා එක්ව ගරුතර පූජ්‍ය පක්‍ෂය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ජංගම දන්ත සායනයක් 2025 පෙබරවාරි මස 28 වැනි දින පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහ විහාරයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු සිදු කෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා දන්ත වෛද්‍ය අංශය සහ බටහිර නාවික විධාන දන්ත වෛද්‍ය කාර්යය මණ්ඩලයේ දායකත්වයෙන් සංවිධානය කෙරුණු මෙම විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායනය මඟින්, ගරුතර භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් නොමිලේ දන්ත පරීක්‍ෂා කිරීම සහ නිසි මුඛ සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳ දැනුවත් කිරීම ඇතුළු විවිධ වූ දන්ත වෛද්‍ය සේවාවන් ලබාදීමට නාවික හමුදාවට අවස්ථාව උදාවිය.