ඇමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක පාලන ආයතනයේ නියෝජිතයින් පිරිසක් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඇමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක පාලන ආයතනයේ (Institute for Security Governance –ISG) නියෝජිතයින් පිරිසක් 2025 මාර්තු මස 11 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

ඇමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මකවන ආරක්‍ෂක පාලන ආයතනය මඟින් මෙරට ත්‍රිවිධ හමුදාවේ සහ ඊට අනුබද්ධ ආරක්‍ෂක අධ්‍යයන ආයතනයන්ගේ ආයතනික ධාරිතා සංවර්ධනය ඉහල නැංවීම සම්බන්ධයෙන් (Institutional Capacity Building – ICB) වැදගත් කාර්යභාරයක් සිදු කරනු ලබයි.

ඒ අනුව, මෙම නිල හමුවේදී නාවික හමුදා තොරතුරු විලායන මධ්‍යස්ථානය වැඩිදියුණූ කිරිම (Information Fusion Centre - IFC), සමුද්‍රීය වසම් පිළිබඳ ශ්‍රී ලංකා නාවික හමුදාවේ දැනුවත්භාවය වැඩි කිරීම සඳහා අවශ්‍ය හැකියාවන් වර්ධනය කිරීම ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවක ධාරිතා සංවර්ධනය පිළිබඳ වැදගත් කරුණු සම්බන්ධයෙන් නාවික හමුදාධිපති සහ ඇමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක පාලන ආයතනයේ නියොජිතයින් අතර අදහස් හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රාජ්‍යය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.