සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 19 වන පාඨමාලාවට අයත් ශිෂ්‍ය නිලධාරීන් බටහිර නාවික විධානයේ අධ්‍යයන සංචාරයක නිරත වෙයි

සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති මේජර් ජෙනරාල් ශාන්ත හේවගේ ගේ ප්‍රධානත්වයෙන් යුත් එම විද්‍යාලයේ උපදේශක මණ්ඩලය සහ 19 වන මාණ්ඩලික පාඨමාලාවට අයත් දේශීය හා විදේශීය ශිෂ්‍ය නිලධාරීන් 190කගෙන් සමන්විත කණ්ඩායමක් බටහිර නාවික විධානයේ අධ්‍යයන සංචාරයක නිරතවීම 2025 මාර්තු මස 17 වැනි සිදු කෙරුණු අතර, එම පිරිස බටහිර නාවික විධාන මූලස්ථානය වෙත පිළිගැනීම එම විධානයේ මෙහෙයුම් කාර්යය මණ්ඩලය විසින් සිදු කෙරිණි.

මෙම අධ්‍යයන සංචාරයේදී බටහිර නාවික විධානයේ කාර්ය භාර්ය හා වරාය ආරක්‍ෂාව සම්බන්ධයෙන් ශිෂ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම විධාන නිලධාරී නිවාසයේදී සිදුකිරීමෙන් අනතුරුව, ඔවුන් කොළඹ වරායේ ඇති නාවික හමුදා නෞකා සහ යාත්‍රාවන්ගේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නිරීක්‍ෂණය කිරීමේ සංචාරයකද නිරත විය.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.