කරගහතැන්න කඳු තරණ අභ්‍යාසය සාර්ථකව අවසන් වෙයි
රාජකාරී හා පෞද්ගලික ජීවිතයේ සමබරතාවය තුළින් නිරෝගී නාවික හමුදාවක් නිරෝගී ජාතියක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විවිධ වු ක්‍රියාකාරකම් නිරන්තරයෙන් සිදු කරනු ලබන අතර, එහි එක් නව මානයක් ලෙස කඳු තරණය කිරීම සඳහා නාවික හමුදා පුද්ගලයින් උනන්දු කිරීම සිදු කරනු ලබයි. මේ අනුව, අධ්යක්ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරුගේ පූර්ණ අධික්ෂණය යටතේ නාවික හමුදා විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරුණු මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ කරගහතැන්න කඳු තරණ අභ්‍යාසය 2025 මාර්තු මස 29 වැනි දින සාර්ථකව පැවැත්විණි.
ඒ අනුව, බටහිර නාවික විධානයේ ආඥාපති සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු 73 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම කඳු තරණ අභ්‍යාසයේ සම්පූර්ණ දුර කිලෝමීටර් 17 ක් පමණ විය.
තවද, සහජීවනය, මානසික හා ශාරීරික සෞඛ්‍ය සහ සතුට පිරි නිරෝගී නාවික හමුදාවක් තුළින් රාජකාරී සහ පෞද්ගලික ජීවිතය සමබරව පවත්වාගැනීමේ අරමුණෙන් සාර්ථකව පැවැත්වුණු මෙම අභ්‍යාසයෙන් අනතුරුව, කරගහතැන්න කඳුවැටියේ ස්ථාපිත මයික්‍රෝවේව් ගුවන් විදුලි මධ්‍යස්ථානයේ තාක්ෂණය සහ උපායමාර්ගික වැදගත්කම පිළිබඳ අභ්‍යාසය සඳහා සහභාගී වූ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් දැනුවත් කිරීමද එහිදී සිදුකෙරිණි.