නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2025 අප්‍රේල් මස 01 වැනි දින ත්‍රීකුණාමලය මහ රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

ඒ අනුව, නාවික හමුදාධිපති ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත නාවික හමුදාව විවිධ වු සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර, එහි එක් පියවරක් ලෙස නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ගේ අධීක්‍ෂණයෙන් සිදු කෙරුණු මෙම ලේ දන්දීමේ වැඩසටහන, ත්‍රිකුණාමලය රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙහි හදිසි රුධිර අවශ්‍යතාවයන් වෙනුවෙන්, එම රෝහලේ වෙතින් සිදුකෙරුණු ඉල්ලීම් අනුව සංවිධානය කෙරිණි.

තවද, විධාන රෝහල් කාර්යය මණ්ඩලය, ත්‍රිකුණාමලය රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙහි කාර්යය මණ්ඩලයේ සහයෝගයෙන් පැවැත්වුණු මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කරගැනීම සඳහා නැගෙනහිර නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ලේ දන්දීම සඳහා දායක වූහ.