නාවික හමුදාවේ දායකත්වයෙන් ත්‍රීකුණාමලය නගර සභා කාර්ය මණ්ඩලය වෙනුවෙන් වෛද්‍ය සායනයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය සිංහ සමාජය සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෘතිකයන් හා එක්ව ත්‍රීකුණාමලය නගර සභා කාර්ය මණ්ඩලය සදහා වෛද්‍ය සායනයක් සහ ශාරීරික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 අප්‍රේල් මස 29 වැනි දින ත්‍රීකුණාමලය නගර සභා පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, නැගෙනහිර නාවික විධාන රෝහලේ වෛද්‍ය කාර්යමණ්ඩලයේ දායකත්වයෙන්, නාවික හමුදාවේ තවත් සමාජ මෙහෙවර ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරුණු මෙම වෛද්‍ය සායනය සහ ශාරීරික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන මඟින්, ආතති කළමණාකරනය, අන්තරායකර ඇබ්බැහි වීම් වලින් වැලකීම, යහපත් මානසික සෞඛ්‍ය පවත්වා ගැනීම සහ ලොක සෞඛ්‍ය සංවිධානය මගින් හදුන්වා දී ඇති නිදන්ගත රෝග අවදානම් සාධක පරික්‍ෂා කිරීමේ පියවර සහ සෞඛ්‍යමය ගැටළු කලින් හඳුනා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා නාවික හමුදාව දායක විය.