ගාලු කථිකාව 2025 නිල වෙබ් අඩවිය එළිදැක්වේ

‘Maritime outlook of the Indian ocean under changing dynamics’යන තේමාව පෙරදැරිව ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරනු ලබන ගාලු කථිකාව 2025 අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය සඳහා වන නිල වෙබ් අඩවිය එළිදැක්වීම, අද (2025 මැයි 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණී.

ශ්‍රීලංකා නාවික හමුදාව විසින් 12 වන වරටත් සංවිධානය කරනු ලබන 2025 ගාලු කථිකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය, 2025 සැප්තැම්බර් මස 24 සහ 25 යන දෙදින තුළ වැලිසර නාවික සංකීර්ණයේ Wave n’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී; කලාපීය හා කලාපීය නොවන ඉන්දීය සාගරය භාවිතා කරනු ලබන දෙස් විදෙස් සමුද්‍රීය පාර්ශවයන්, සමුද්‍රීය ක්‍ෂේත්‍රයේ විද්වතුන් සහ නාවික හා වෙරළාරක්‍ෂක ප්‍රධානීන් ඇතුළු සමුද්‍රීය පාර්ශ්වයන් හා හවුල් කරුවන් ගණනාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව, මෙම නිල වෙබ් අඩවිය වෙත ‘galledialogue.lk’ යන වෙබ් ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඒ සම්බන්ධ තොරතුරු දැන ගැනීමට හැකියාව ඇත.