ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් ජාතික රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරයි

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වැනි මහා සභා රැස්වීම සහ සම්මේලනය 2025 මැයි මස 19 වැනි දින සිට 25 වැනි දින දක්වා ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සංවිධායකත්වයෙන්, කොළඹදි පැවැත්වෙන අතර, ඊට සමඟාමීව එම සම්මේලනනය සඳහා සහභාගී වන අප්‍රිකා, ඇමෙරිකා, ආසියා සහ යුරෝපා මහාද්වීප නියෝජනය කරමින් පැමිණි හමුදා සාමාජිකයින්, බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකිරීම 2025 මැයි මස 20 වැනි දින සිදුකෙරිණි.

ඒ අනුව, ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ වත්මන් සභාපති වශයෙන් කටයුතු කරනු ලබන බ්‍රසීලයේ කර්නල් Nilton Gomes Rolim Filho ඇතුළු අප්‍රිකා, ඇමෙරිකා, ආසියා සහ යුරෝපා මහද්වීප නියෝජනය කරමින් පැමිණි හමුදා සාමාජිකයින් අසූ දෙනෙකු (80) විසින් ජාතික රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකෙරුණු අතර, එම අවසථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා ඇතුළු නාවික හමුදා නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් පිරිසක් සහභාගී වූහ.