නාවික හමුදා වාදක කණ්ඩායම වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩමුළුවක්
ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ නාවික පුද්ගලයින් අභිප්‍රේරණය කිරීම, නායකත්ව සංවර්ධනය සහ කණ්ඩායම් ගොඩනැගීම වෙනුවෙන් වූ පුහුණු වැඩමුළුවක්, නාවික හමුදා සංගීත අධ්‍යක්‍ෂකගේ අධීක්‍ෂණය යටතේ, 2025 මැයි මස 27 සහ 28 දෙදින, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතන පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
නාවික හමුදා චාරිත්‍රානුකූල සම්ප්‍රදායන්ගේ සහ සංගීත කුසලතාවයේ සංකේතය ලෙස සැලකෙන ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ ශිල්පීය හැකියාව සහ සංගීත දායකත්වය පුළුල් පරාසයක විහිදෙන බැවින්, උසස් විනය සහ කලාත්මක බාවයේ සුසංයෝගය ඊළඟ මට්ටමට ගෙන යාමේ අරමුණෙන් සිදුකෙරුණු මෙම වැඩසටහනෙහී අභිප්‍රේරණ දේශණය, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන විසින් සිදුකෙරිණි.
එමෙන්ම, නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ නාවික පුද්ගලයින්ගේ චිත්ත ධෛර්යය වැඩිදියුණු කිරීම, නායකත්ව ගුණාංග සංවර්ධනය සහ කණ්ඩායම් සහජීවනය වැඩිදියුණු කිරීම සඳහා වූ අභියෝගාත්මක කායික හා මාණසික ක්‍රියාකාරකම් සහිත ප්‍රායෝගික අභ්‍යාස එහිදී නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝණය විසින් සිදුකෙරුණු අතර, එමඟින් එකිනෙකා අතර යහපත් සන්නිවේදනය වැඩිදියුණු කිරීම, විශ්වාසය ගොඩනැගීම සහ සහයෝගී ප්‍රවේශයකින් ගැටළු විසදීම සඳහා මුලපිරීම අරමුණු විය.
තවද, මෙවැනි නායකත්ව පුහුණු වැඩමුළු සංවිධානය කිරීම මඟින් නාවික හමුදා වාදක කණ්ඩායමේ, කණ්ඩායම් හැගීම සහ මෙහෙයුම් කාර්‍යක්‍ෂමතාවය වර්ධනය කිරීම නාවික හමුදාව අපේක්‍ෂා කෙරිණි.