කල්මුනේ, ලාෆීර් විද්‍යාලය ආකර්ශණීය ලෙස ප්‍රතිස්ථාපනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය
“සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, කල්මුනේ, ලාෆීර් විද්‍යාල පරිශ්‍රය ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථාපනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබා දෙමින් පුරවැසි බල ගැන්වීම, 2025 මැයි මස 30 වැනි දින සිදු කෙරිණි.
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් කරගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව සමාජමය, පාරිසරික සහ ආචාරධර්මීය වශයෙන් ප්‍රථිස්ථාපනය කිරීමේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ලබයි.
එම ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කර ගනිමින් පාසල් තුල, සුරක්‍ෂිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම මඟින්, උද්යෝගිමත් පාසල් ප්‍රජාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් සිදුකෙරෙණ දිවයිනේ තෝරාගත් පාසල් පරිශ්‍ර පිරිසිදු කර යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ පළමු අදියර යටතේ නාවික හමුදාව පාසල් පරිශ්‍ර 40ක් දරුවන්ගේ ඉගෙනීමට හිතකර ආකර්ෂණීය පරිශ්‍ර ලෙස ප්‍රථිස්ථාපනය කිරීමට මේ වන විට දායකවී ඇත.
ඒ අනුව, කල්මුනේ, ලාෆීර් විද්‍යාලය දරුවන්ගේ අධ්‍යාපනයට වඩාත් හිතකර පරිසරයක් බවට ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථාපනය කිරීම වෙනුවෙන්, නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම හා පුරවැසි බල ගැන්වීම, ගිණිකොන නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන් සිදුකෙරිණි.