රාජකීය නෝර්වේජියානු නාවික හමුදාවට අයත් ‘HNOMS ROALD AMUNDSEN’ නෞකාව දිවයිනට පැමිණෙයි

රාජකීය නෝර්වේජියානු නාවික හමුදාවට අයත් ‘HNOMS ROALD AMUNDSEN’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනිම සඳහා 2025 ජුනි මස 10 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම හම්බන්තොට වරායේදී සිදු කෙරිණි.

මෙලෙස දිවයිනට පැමිණි ‘Frigate’ වර්ගයට අයත් ‘HNOMS ROALD AMUNDSEN’ නෞකාව, දිගින් මීටර් 133.25ක් හා නැව් මුළුව 165ක ගෙන් සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, SG Cdr Roger Lervik’ කටයුතු කරනු ලබයි.

තවද, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව, ‘HNOMS ROALD AMUNDSEN’ නෞකාව, අද අළුයම (2025 ජුනි 11) දිවයිනෙන් පිටත්විය.