අම්පාර, නාමල්ඔය ජලාශයේ සොරොව්ව අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහය
අක්‍රීය තත්වයේ පැවති අම්පාර, නාමල්ඔය ජලාශයේ සොරොව් දොරටුව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට කිමිදුම් සහය ලබාදීම නාවික හමුදාව විසින් 2025 ජුනි මස 06 වැනි දින සිදු කෙරිණි.
ඒ අනුව, අම්පාර, නාමල්ඔය ජලාශයේ සොරොව් දොරටුවේ ඇතිවු දෝෂයක් හේතුවෙන් එය අක්‍රීයව ඇති බැවින්, එය කඩිනමින් අළුත්වැඩියා කිරීමට අවශ්‍ය සහය ලබා දෙන ලෙස අම්පාර දිස්ත්‍රික් ලේකම් විසින් නාවික හමුදාව වෙතින් සිදු කෙරුණු ඉල්ලීමකට අනුව, ගිණිකොණ නාවික විධානයට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් යොදවා අවශ්‍ය පිළිසකර කටයුතු සිදුකර යථාතත්වයට පත් කිරීමට මෙලෙස නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
තවද, නාවික හමුදා තාක්‍ෂණික හා විශේෂඥ සේවා දායකත්වය සෑම විටම ආපදා සහ හදිසි අවස්ථාවන්ට ප්‍රථිචාර දැක්වීමේදී ලබා දීමට නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටියි.