නාවික හමුදාව මඟින් තිරණාත්මක සෞඛ්‍ය සහ හදිසි රෝගී අවස්ථා කළමණාකරණය සම්බන්ධයෙන් උතුරේ ධීවර ප්‍රජාව බලගැන්වීමේ වැඩසටහනක්
රාජ්‍ය ප්‍රතිපත්තිය අනූව සමාජීය වශයෙන් ප්‍රජාව බල ගැන්වීමේ වගකීම පෙරදැරිව ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, මුහුදේදී තිරණාත්මක සෞඛ්‍ය සහ හදිසි රෝගී අවස්ථා කළමණාකරණය සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව දැනුවත් කර බල ගැන්වීමේ පුහුණු වැඩසටහනක් 2025 ජුනි මස 05 සිට 09 දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා එලාර සහ නාවික අනුඛණ්ඩ මයිලඩි හා පේදුරුතුඩුව කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු නාවික විධාන වෛද්‍ය කාර්යය මණ්ඩලයේ සම්පත් දායකත්වයෙන් සංවිධානය කෙරුණු මෙම පුහුණූ වැඩසටහන මඟින්; මුහුදේදී ඇතිවන හදිසි රෝගී තත්වයකදී මූලික ප්‍රථමාධාර ලබාදීම හා එවැනි හදිසි අවස්ථාවක් කළමණාකරනය කරගන්නා ආකාරය, බෝ නොවන සහ පූර්ව බෝ නොවන රෝග වැළැක්වීම, මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම, මානසික යහපැවැත්ම මෙන්ම, යහපත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳ ධීවර ප්‍රජාව දැනුවත් කර, බල ගැන්වීම සිදු කෙරිණි.
තවද, මෙම පුහුණූ වැඩසටහන සඳහා යාපනය මුන්නේයි, කොට්ටාඩි, මයිලඩි, පලාලි, කයිට්ස්, ගුරුනගර්, තායෙට්ටි සහ කරෛයිනගර් යන ධීවර සංගම් නියෝජනය කරමින් ධිවර ප්‍රජාව සහභාගී වී සිටියහ.