ගිනස් ලෝක වාර්ථා 02කට හිමිකාරීත්වය තහවුරු කල රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) හට නාවික හමුදාධිපතිගේ සුභාශිංසන
යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) පැය 24ක කාලයක් එක දිගට දිවීමෙන් රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) විසින් 2025 මාර්තු මස 09 වැනි දින ගිනස් ලෝක වාර්තා දෙකක් (02) පිහිටුවන ලද අතර, එම වාර්ථා නිල වශයෙන් ගිනස් කමිටුව මගින් තහවුරු කර එහි හිමිකාරීත්වයට අදාළ සහතිකපත් හා පදක්කම් රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) වෙත පසුගියදා නිකුත් කෙරිණි. එමගින් මහත් විශාල ගෞරවයක් හා අභිමානයක් නාවික හමුදාව වෙත ගෙනදීම වෙනුවෙන් 2025 ජුනි මස 12 වැනි දින නාවික හමුදාධිපති සිය සුභාශිංසනය නාවික හමුදාව වෙනුවෙන් පිරිනැමීම සිදුකෙරිණි.
ඒ අනුව, යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක පැය 12ක කාලයක් තුල කිලෝ මිටර් 94.3ක දුරක් දුවමින්, එවැනි යන්ත්‍රයක පැය 12ක කාලයක් තුල වැඩිම දුරක් දිවීමේ පිරිමි ගිනස් ලෝක වාර්ථාව සහ, යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක පැය 24ක කාලයක් තුල කිලෝ මිටර් 174.08ක දුරක් දුවමින්, එවැනි යන්ත්‍රයක පැය 24ක කාලයක් තුල වැඩිම දුරක් දිවීමේ පිරිමි ගිනස් ලෝක වාර්ථාව යන ගිනස් ලෝක වාර්ථා දෙකට (02) අදාලව ගිනස් ලෝක වාර්ථා කමිටුව විසින් රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) වෙත පිරිනමා ඇති නිල සහතිකපත් සහ පදක්කම් නාවික හමුදාධිපති වෙත නිරීක්‍ෂණය සඳහා පිළිගැන්වීමද එහිදී සිදු කෙරිණි.
තවද, නාවික හමුදාවේ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ලෙස, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සහ මව්බිම වෙත විශාල කීර්තියක් හා අභිමානයක් ගෙනදෙමින් ගිනස් ලෝක වාර්ථා 02ක් පිහිටුවීම සහ ඕනෑම අභියෝගයක් අධිශ්ඨානශීලීව ජයගත හැකිය යන වටිනා ආදර්ශය ලාංකීය තරුණ ප්‍රජාවට පමණක් නොව මුළු ලොව වෙත ගෙනහැර දැක්වීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) සමත්වීම එහිදී නාවික හමුදාධිපතිගේ විශේෂ ඇගයීමට ලක්විය.