නාවික හමුදාව ලේ දන්දීමේ සමාජ සත්කාරයක නිරත වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ නාවික රෝහල් පරිශ්‍රයේදී සහ යාපනය, කයිට්ස් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතන පරිශයේදී, 2025 ජුනි මස 11 වැනි දින සාර්ථකව පැවැත්විණි.
ඒ අනුව, දේශයට දිගුකාලීන සාමයක් උදාකරදීම වෙනුවෙන් සිදුකල කැපවීමට ගෞරවයක් ලෙස සිදුකෙරුණු සැමරුම් දිනයට සමගාමීව, දකුණු සහ උතුරු නාවික විධාන ආඥාපතීන්ගේ අධීක්‍ෂණයෙන් සංවිධානය කෙරුණු මෙම සමාජ සත්කාරක වැඩසටහන, ගාල්ල ජාතික රෝහලේ ලේ බැංකුවේ සහ යාපනය ශීක්‍ෂණ රෝහලේ ලේ බැංකුවේ රුධිර සංචිත නිසි ලෙස පවත්වා ගැනීමේ අරමුණෙන්, එම රෝහල් සමඟ සම්බන්ධීකරණයෙන් සංවිධානය කෙරිණි.
තවද, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා දකුණු සහ උතුරු නාවික විධානයන්ගේ නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය දැක්වූහට.