නාවික හමුදාධිපතිගේ දකුණු නාවික විධාන සංචාරයේදී මෙහෙයුම් අභිප්‍රාය පිළිබඳ දැනුවත් කරයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 ජුනි මස 15 වැනි දින දකුණු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ මෙහෙයුම් සූදානම, පරිපාලන කටයුතු මෙන්ම, සුභසාධන කටයුතු නිසිලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් සමාලෝචනයක නිරතවිය.
ඒ අනුව, නාවික හමුදාධිපති දකුණු නාවික විධානයේ ආඥාපති සමඟ ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයට අයත් අමදූව නාවික අනුඛණ්ඩය මඟින් සිදුකෙරෙණ ආවේක්‍ෂණ සහ මෙහෙයුම් කටයුතු නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනය මඟින් සිදුකෙරෙණ මෙහෙයුම්, පරිපාලන සහ සුභසාධන කටයුතු නිරීක්‍ෂණය කෙරිණි. එහිදී, දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟ උපායමාර්ගික මට්ටමේ සාකච්ඡාවක නිරත වෙමින් විධාන අභිප්‍රාය අවධාරනය කරන ලදි. එමෙන්ම, නාවික හමුදාධිපතිගේ මෙම සංචාරය, ප්‍රදේශයේ ප්‍රධාන සමුද්‍රීය යටිතල පහසුකම් සඳහා ඇති ආරක්‍ෂක තත්වය තක්සේරු කිරීමේ සහ අනාගත උපායමාර්ගික ප්‍රමුඛත්වයන් පිළිබඳ උපදෙස් ලබා දීමේ අවස්තාවක් ලෙසද සනිටුහන් විය.
තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ අණදෙන නිලධාරි ඇතුළු නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගීවී සිටියහ.