ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ මූලිකත්වයෙන් වැලිසර නාවික මහ රෝහල වෙත වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ, පූජ්‍ය ශාස්ත්‍රපති පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ රෝහල් උපකරණ තොගයක් වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා මහ රෝහල වෙත ප්‍රදානය කිරීම, 2025 ජුනි මස 17 වැනි දින එම රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ඒ අනුව, මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව වෙත ප්‍රදානය කෙරුණු රෝහල් උපකරණ මඟින්, වැලිසර නාවික මහ රෝහල ඇතුළු අනෙකුත් නාවික විධානයන්ට අයත් රෝහල් තුළ පුළුල් වන පහසුකම් තුළින්, එම රෝහල් වෙතින් ප්‍රතිකාර ගනු ලබන නාවික හමුදා පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට මෙන්ම, විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හටද වඩාත් උසස් වෛද්‍ය සේවාවන් ලබා දීමට නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, වෛද්‍ය රියර් අද්මිරාල් ජනක මාරඹේ ඇතුළු බටහිර නාවික විධානයේ සහ වැලිසර නාවික පරිශ්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.