නාවික හමුදාව මඟින් විශේෂ වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කළ වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක්, 2025 ජුනි මස 21 වැනි දින ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ, ආන්දම්කුලම, වාලන්කන්නෙයි කතෝලික දේවස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.

ඒ අනුව, වාලන්කන්නෙයි කතකතෝලික දේවස්ථානයේ ස්වරණ ජයන්ති සැමරුමට සමඟාමීව, නැගෙනහිර නාවික විධාන රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් සිදු කෙරුණු, මෙම වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනය මඟින්, ආතති කළමණාකරනය, අන්තරායකර ඇබ්බැහි වීම්ගෙන් වැලකීම, යහපත් මානසික සෞඛ්‍ය පවත්වා ගැනීම, බෝනොවන රෝගී තත්වයන් පෙර හඳුනා ගැනීම පිළිබඳව දැනුවත් කිරීම සිදුකෙරිණි.