නාවික හමුදාව මඟින් මොණරාගල දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ගම්මැද්ද සමාජසත්කාරක වැඩසටහන මඟින්, බොරැල්ලේ පදිංචි මන්ත්‍රී අමරසිංහ මහත්මියගේ මූල්‍ය දායකත්වයෙන්, මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාලිගාතැන්න මහ විදුහලෙහි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම, 2025 ජුනි මස 20වැනි දින සිදු කෙරිණි.

මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයත් සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1106ක් ජනතා අයිතියට පත් කර ඇති අතර, මෙම මධ්‍යස්ථානය මඟින් මාලිගාතැන්න ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන විශාල පිරිසකගේ සහ පාසල් දරු දැරියන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.