නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 ජුනි මස 25 වැනි දින යුද හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ හමුවිය.

හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව පැවති මෙම හමුවේදී, යුද හා නාවික හමුදාධිපතීන් අතර ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අදහස් හුවමාරුවක් සිදු කෙරුණු අතර, ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ නාවික හමුදාවේ තීරණාත්මක දායකත්වය සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

තවද, සහෝදර හමුදා අතර බැදීම හා අන්තර් සේවා සහයෝගිතාව ශක්තිමත් කරමින් සිදුකෙරුණු මෙම නිල හමුව සංකේතවත් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.