ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් ඇලන් හවුස් (Lieutenant Colonel Matthew Alan House) අද (2025 ජුනි 30) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සහ නාවික හමුදාධිපති අතර දෙරටේ සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද අදහස් හුවමාරුවක් සිදුකෙරිණි.
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ ඇමරිකා එක්සත් ජනපද ආරක්‍ෂක උපදේශක අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.