ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව ආඥාපති වශයෙන් කොමදෝරු දිනේෂ් බණ්ඩාර වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වන ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ 41 වැනි ආඥාපති වශයෙන් කොමදෝරු දිනේෂ් බණ්ඩාර 2025 ජුලි මස 02 වැනි දින වැඩ භාර ගැනීම සිදුකෙරිණි.

ඒ අනුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව, එම විද්‍යාපීඨයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් විසින් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති ධූරයෙහි රාජකාරීන් කොමදෝරු දිනේෂ් බණ්ඩාර වෙත භාර දීම සිදුකෙරිණි.

තවද, රාජකාරි භාරදීමෙන් අනතුරුව රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික හා සාගරික විද්‍යාපීඨය වෙතින් සමුදීම එහිදී සිදුකෙරිණි.