ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති නිල හමුවක් සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති, ගරු රෙමි ලැම්බර්ට් (Remi Lambert) මහතා නිල හමුවක් සඳහා 2025 ජුලි මස 04 වැනි දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කරනු ලබන, ජාතික ජල ශාස්ත්‍රඥ හා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ප්‍රධානී, රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය හමුවිය.
මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකාවේ ගරු ප්‍රංශ තානාපති සහ දකුණු නාවික විධානයේ ආඥාපති අතර දෙරටේ සමුද්‍රීය සහයෝගීතාව සහ ජල ශාස්ත්‍රීය විද්‍යාව පිළිබඳව ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද සාකච්ඡාවක් පැවැත්විණි.
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.