උතුරු මැද සහ නැගෙනහිර පාලාතේ පාසල් පරිශ්‍ර තුල ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතියට සමඟාමීව, “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කර ගනිමින් පාසල් තුල, සුරක්‍ෂිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා දායක වන නාවික හමුදාව, උතුරු මැද පලාතේ පාසල් පරිශ්‍ර 05ක් සහ නැගෙනහිර පලාතේ පාසල් පරිශ්‍ර 06ක් තුල ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර, එම පාසල් පරිශ්‍ර සෞඛ්‍යාරක්‍ෂිත පාසල් පරිශ්‍ර බවට පත් කිරීම වෙනුවෙන් 2025 ජුලි මස 09 වැනි දින ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම සහ ප්‍රජා බල ගැන්වීම සිදු කෙරිණි.

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් කරගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව සමාජමය, පාරිසරික සහ ආචාරධර්මීය වශයෙන් ප්‍රථිස්ථාපනය කිරීමේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ලබයි. ඊට සමඟාමීව, “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කර ගනිමින් පාසල් තුල, සුරක්‍ෂිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම සහ ප්‍රජා බල ගැන්වීම නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි.

ඒ අනුව, 2025 ජුලි මස 09 වැනි දින ක්‍රියාවට නංවන ලද මෙම ඩෙංගු මර්ධන වැඩසටහන් මඟින්, උතුරුමැද පලාතේ එම්-එන් වෙල්ලම් කුලම් ජී ටී පාසල, එම් එන්-එස් ටී ජෝසප් මහා විද්‍යාලය, පූනෑව ඉසිපතන මහා විද්‍යාලය, එම්එන්-නරුවිලිකුලම් ජී.ටී.ම විද්‍යාලය පූනෑව රාහුල විද්‍යාලය සහ ශාන්ත ලොරන්ස් රෝ.ක.දෙ.ම.පාසල එම විද්‍යාලයන්ගේ ගුරුභවතුන්, දෙමාපියන් සහ දූදරුවන් සමඟ එක්ව, පිරිසිදු සහ සුරක්‍ෂිත පාසල් පරිශ්‍ර බවට පරිවර්ථනය කිරීම සඳහා උතුරු මැද නාවික විධානයේ අධීක්‍ෂණය යටතේ නාවික හමුදා ප්‍රජාසත්කාරක දායකත්වය ලබා දීම හා ප්‍රජා බල ගැන්වීම සිදු කෙරිණි.

එමෙන්ම, නැගෙනහිර පලාතේ අම්පාර පානම මහා විද්‍යාලය, පානම රජයේ දෙමළ මිශ්‍ර පාසල, සිරි ඉන්ද්‍රසිරි පිරිවෙන, පොතුවිල් මෙතෝදිස්ත දෙමළ විද්‍යාලය, කල්මුණේ සිංහල මහා විද්‍යාලය සහ සයින්දමරු එම්.එච්.එම් අෂ්රොෆ් විද්‍යාලය, එම විද්‍යාලයන්ගේ ගුරුභවතුන්, දෙමාපියන් සහ දූදරුවන් සමඟ එක්ව, පිරිසිදු සහ සුරක්‍ෂිත පාසල් පරිශ්‍ර බවට පරිවර්ථනය කිරීම සඳහා ගිණිකොණ නාවික විධානයේ අධීක්‍ෂණය යටතේ නාවික හමුදා ප්‍රජාසත්කාරක දායකත්වය ලබා දීම හා ප්‍රජා බල ගැන්වීම සිදු කෙරිණි.