නාවික හමුදා ශිල්පීය දායකත්වයෙන් ඉදිකිරීම් සම්පූර්ණ කළ නයනතිව් ප්‍රාදේශීය රෝහලේ බාහිර ‍රෝගී අංශ ගොඩනැගිල්ල විවෘත්ත කෙරේ

ජර්මානු රතු කුරුස සංවිධානයේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, යාපනය නයිනතිව් දූපතේ ප්‍රාදේශීය රෝහලේ අභිනවයෙන් ඉදිකළ බාහිර රෝගී අංශ (OPD) ගොඩනැගිල්ල විවෘත කර ජනතා අයිතියට පත්කිරීම, 2025 ජුලි මස 12 දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ඒ අනුව, නාවික හමුදාවේ ප්‍රජා සත්කාරයක් ලෙස, ජර්මානු රතු කුරුස සංවිධානයේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, ඉදිකිරීම් සම්පූර්ණ කළ නයනතිව් දූපතේ ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල, නවීන පහසුකම් වලින් සමන්විතව ඉදිකිරීම් කඩිනමින් සිදුකිරීම සඳහා අධීක්ෂණය කිරීම, උතුරු නාවික විධානය විසින් සිදුකෙරිණි.

තවද, එම අවස්ථාව සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා උතුරු පළාත් ආණ්ඩුකාර ගරු නාගලිංගම් වෙතනායහම් මහතා, ඇතුළු රජයේ මැති ඇමතීන්, ජර්මානු රතු කුරුස සංවිධානයේ නිලධාරීන් සහ උතුරු නාවික විධානයේ ආඥාපති ඇතුළු පිරිසක් සහභාගී වී සිටිහය.