නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ගොකරැල්ලේදී ජනතා අයිතියට

නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ විංග් කමාණ්ඩර් (විශ්‍රාමික) පුලස්ති වීරසිංහ ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ මූල්‍ය දායකත්වයෙන්, කුරුණෑගල, ගොකරැල්ල, හිද්දන, ශ්‍රී විමලාරාම පුරාණ විහාරයෙහි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම, 2025 ජුලි මස 16 වැනි දින සිදු කෙරිණි.

මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයත් සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1114ක් ජනතා අයිතියට පත් කර ඇති අතර, මෙම මධ්‍යස්ථානය මඟින් ගොකරැල්ල ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.