නාවික හමුදාවේ සහයෙන් සිලාවතුර ප්‍රදේශයේ ප්‍රජා අක්ෂි සායනයක් පවත්වයි
‘සදහම් කැදැල්ල’ සංවිධානය මඟින් සංවිධානය කල ප්‍රජා අක්ෂි සායනයක්, සිලාවතුර ප්‍රාදේශීය රෝහලේදී 2025 ජුලි මස 19 වැනි දින පැවැත්වුණු අතර, එය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව, සිලාවතුර ප්‍රාදේශීය රෝහලේ අධීක්‍ෂණය හා මෙහෙයවීම යටතේ පැවති මෙම ප්‍රජා අක්‍ෂි සායනය සඳහා ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගී වූ අතර, එමඟින් හදුනාගත් පුද්ගලයින් සඳහා ඇස් කණ්ණාඩි හාරසියයක් (400) ප්‍රදානය කිරීමද එහිදී සිදුකෙරිණි.