ත්‍රිකුණාමල නාවික අභ්‍යාසයේදී නැව්පති විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය මෙහෙයුම් විශිෂ්ටත්වය අවධාරනය කරන ලදි

නැගෙනහිර මුහුදේ පැවැත්වෙන ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2025’ (TRINEX-25) සඳහා එක්වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, එම අභ්‍යාසයේ මුහුදු අධියර අද (2025 ජූලි 25) ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ සිට අධීක්‍ෂණය කර, ක්‍රමයෙන් වෙනස්වන ආරක්‍ෂක වාතවරණය හමුවේ නාවික හමුදාවේ මෙහෙයුම් විශිෂ්ඨත්වය සඳහා අවශ්‍ය ඉහල සූදානම අවධාරණය කෙරිණි.

ඒ අනුව, ත්‍රිකුණාමල නාවික අභ්‍යාසය අධීක්‍ෂණය සඳහා නාවික හමුදාධිපති පැමිණීම, උපාය මාර්ගික දූරදර්ශීභාවය සමඟ උපායික මට්ටමේ ප්‍රවීණතාවය ඒකාබද්ධ වීමක් ලෙස සනිටුහන් වන අතර, එමඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව උසස් පුහුණුව, විනයගරුක භාවය සහ ඕනෑම තත්වයක් හමුවේ දේශයේ සමුද්‍රීය කලාපය ආරක්‍ෂා කිරීම සඳහා අභිප්‍රාය, මඟ පෙන්වීම සහ අධිෂ්ඨානය සහිත නාවික හමුදාවක් බවද, පෙන්නුම් කරනු ලබයි.