නාවික හමුදාව මඟින් මොණරාගල දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02 ජනතා අයිතියට

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ අවුට්රිච් ප්‍රොජෙක්ට්ස් (ගැරන්ටි) ලිමටඩ් සමාගමේ මූල්‍ය දායකත්වයෙන්, මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහආරගම, ඇතිලිවැව සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගෝනගංආර ප්‍රදේශයන්හි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට පත්කිරීම, 2025 ජුලි මස 24 වැනි දින සිදු කෙරිණි.

මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයත් සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1119ක් ජනතා අයිතියට පත් කර ඇති අතර, මෙම මධ්‍යස්ථානය මඟින් මහආරගම, ඇතිලිවැව සහ ගෝනගංආර ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.