නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2025 ජුලි මස 26 වැනි දින වයඹ නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

ඒ අනුව, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය හා සේවාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, වයඹ නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන් සිදු කෙරුණු මෙම ලේ දන්දීමේ වැඩසටහන, මන්නාරම දිස්ත්‍රීක් මහ රෝහලෙහි රුධිර පාරවිලයන මධ්‍යස්ථානය හා සම්බන්ධීකරණය වී සංවිධානය කෙරිණි.

තවද, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා වයඹ නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායක වූහ.