නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස, ලෝක මුඛ සෞඛ්‍ය දිනය, ලෝක ළමා දිනය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සර දිනය වෙනුවෙන් දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් හා අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා වෛද්‍ය කොමදෝරු මඟ පෙන්වීම මත නාවික හමුදා දන්ත වෛද්‍ය අංශය, සේවා වනිතා ඒකකය සහ යුනිලීවර් ආයතනය හා එක්ව 2025 ජුලි මස 23 වැනි දින සිට 27 වැනි දින දක්වා දකුණු නාවික විධානය ආවරණය වන පරිදි ප්‍රජා මුඛ සෞඛ්‍යය දැනුවත් කිරීමේ හා දන්ත වෛද්‍ය සායන වැඩසටහන් මාලාවක් සාර්ථකව පැවැත්විණි.
ඒ අනුව, 2025 ජූලි මස 22 වැනි දින ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක රෝහණ ආයතනයේද, ජූලි මස 23 වැනි දින හක්මන මාර/කෝන්ගල අභය මධ්‍ය මහා විද්‍යාලයේද, 2025 ජූලි මස 24 වැනි දින තංගල්ල, නවජීවන පුනරුත්තාපන මධ්‍යස්ථානයේද, ජූලි 26 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස හා ජූලි මස 27 වැනි දින නාවික ස්ථානගත කිරීම කිරිදිඔය යන ස්ථානයන්හී නාවික පුද්ගලයින්, නාවික පවුල් වල සාමාජිකයින් සහ පාසල් දරුදැරියන් සදහා ප්‍රජා මුඛ සෞඛ්‍යය දැනුවත් කිරීමේ හා දන්ත වෛද්‍ය සායන වැඩසටහන් මාලාවක් නාවික හමුදා දන්ත වෛද්‍ය අංශය, සේවා වනිතා ඒකකය සහ යුනිලීවර් ශ්‍රී ලංකා ආයතනය හා එක්ව පවත්වන ලදි.
තවද, මෙමඟින් නාවික පුද්ගලයින්, නාවික පවුල් වල සාමාජිකයින් සහ පාසල් දරුදැරියන් හට නොමිලේ දත් පරීක්‍ෂා කිරීම හා පිරිසිදු කිරීම ඇතුළු දන්ත සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට අවස්ථාව උදාවු අතර, එම සායනයේදී දන්ත සෞඛ්‍ය ඉහල නැංවීම සහ නිසි මුඛ සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳ දැනුවත් කිරීමද සිදුකෙරුණි.