රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ නවදිල්ලි නුවර, රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක වශයෙන්ද කටයුතු කරනු ලබන Captain (Navy) Hussain O Alkowaileet අද දින (2025 අගෝස්තු 04) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
මෙම නිල හමුවේදී, නාවික හමුදාධිපති සහ රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක අතර දෙරටේ සහයෝගීත්වය ඇතුළු ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.