මහනුවර ඇසල මහා පෙරහැර නැරඹීම සඳහා සහභාගී වන බැතිමතුන්ගේ සුරක්‍ෂිතභාවය නාවික හමුදාව තහවුරු කරයි
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර 2025 ජූලි මස 30 වැනි දින පැවති කුඹල් පෙරහැර වීථී සංචාරයෙන් ආරම්භ වූ අතර, අගෝස්තු මස 09 වැනි දින දක්වා පැවැත්වෙන ඇසළ පෙරහැර නැරඹීම සඳහා සහභාගී වන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහ විදේශීය සංචාරකයන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇත.
ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ අධීක්‍ෂණය යටතේ පෙරහැර පැවැත්වෙන මාර්ගයේ මහජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් ආරක්‍ෂිත වැට ඉදිකිරීම නාවික හමුදා ශීල්පීය දායකත්වයෙන් සිදුකෙරුණු අතර, නුවර වැව පරිශ්‍රය ආවරණය වන පරිදි නාවික හමුදා ජිවිතාරක්‍ෂක කණ්ඩායම් ඒ සඳහා අවශ්‍ය ජිවිතාරක්‍ෂක උපාංග සහ යාත්‍රා සමඟ පෙරහැර අවසන් වන තෙක් අඛණ්ඩව ජීවිතාරක්‍ෂක සේවා සැපයීම සිදුකරණු ලබයි.