පාතදුම්බර කාර්මික විද්‍යාලය ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් බවට පත් කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ “ශ්‍රම මෙහෙයුම්” වැඩසටහන යටතේ, පාතදුම්බර කාර්මික විද්‍යාල පරිශ්‍රය, සිසුන්ගේ ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම, 2025 ජුලි මස 22 සිට අගෝස්තු මස 06 දින දක්වා සිදුකෙරිණි.
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, එම ජාතික ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙණ විවිධ වැඩසටහන් සඳහා ප්‍රජා සත්කාරක දායකත්වය ලබා දෙනු ලබයි.
ඒ අනුව, දිවයින පුරා විසිරී ඇති වෘත්තීය අධ්‍යාපන ආයතන පරිශ්‍ර; ආකර්ෂනීය, ආරක්ෂිත සහ සුවපහසු ඉගෙනුම් පරිසරයක් සහිත පරිශ්‍ර බවට සංවර්ධනය කිරීම වෙනුවෙන් ආරම්භ කළ “ශ්‍රම මෙහෙයුම්” වැඩසටහන යටතේ පාතදුම්බර කාර්මික අධ්‍යාපන ආයතනය සංවර්ධනය කිරීම සඳහා මෙලෙස නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම සිදුකෙරිණි.
තවද, පාතදුම්බර කාර්මික විද්‍යාල පරිශ්‍රයේ ඇති දේශන ශාලා සහ ගොඩනැගිලි පිළිසකර කිරීම සහ පින්තාරු කිරීම ඇතුළු සංවර්ධන කටයුතු සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනය මගින් සිදුකෙරිණි.