ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජ තානාපතිනි නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජ තානාපති Dewi Gustina Tobing මහත්මිය 2025 අගෝස්තු මස 13 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
මෙම නිල හමුවේදී, නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජ තානාපති තුමිය අතර දෙරටේ සහයෝගීත්වය ඇතුළු ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.