ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නව සහ නික්ම යන ආරක්‍ෂක උපදේශකයින් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කර ධූර කාලය නිමා කරනු ලබන Colonel Darren Woods සහ නව ආරක්‍ෂක උපදේශක වශයෙන් පත්වීමට නියමිත Colonel Keith Miles නිල හමුවක් සඳහා 2025 අගෝස්තු මස 13 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
ඒඅනුව, නාවික හමුදාධිපති විසින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ වත්මන් ආරක්‍ෂක උපදේශක සහ පත්වීමට නියමිත නව ආරක්‍ෂක උපදේශක සමඟ දෙරටේ සහයෝගීත්වය ඇතුළු ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස Colonel Darren Woods සිය රාජකාරී කාලසීමව තුලදී ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් ඔහු වෙත කෘතවේදිත්වය පලකර, ඉදිරි කටයුතු සඳහා සුභාශිංෂණ පිරිනැමීමද එහිදී සිදුකෙරිණි.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.