ගිනිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නිමල් රණසිංහ වැඩ භාර ගනියි
ගිනිකොන නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු, රියර් අද්මිරාල් නිමල් රණසිංහ 2025 අගෝස්තු මස 13 වැනි දින ගිනිකොන නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ගිනිකොන නාවික විධානය වෙත රියර් අද්මිරාල් නිමල් රණසිංහ පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.