SLINEX - 25 ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ‘INS Jyoti’ සහ ‘INS Rana’ නෞකා කොළඹ වරායට පැමිණෙයි
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දොලොස් (12) වැනි වරට පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය (SLINEX – 25) සඳහා සහභාගී වීම සඳහා, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Jyoti’ සහ ‘INS Rana’ නෞකා, අද (2025 අගෝස්තු 14) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකා, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට පැමිණි Tanker වර්ගයට අයත් ‘INS Jyoti’ නෞකාව, දිගින් මීටර් 180.16 ක් හා නැව් මුළුව 200 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් Chetan R Upadhyay කටයුතු කරනු ලබයි. Destroyer වර්ගයට අයත් ‘INS Rana’ නෞකාව, දිගින් මීටර් 147 ක් හා නැව් මුළුව 300 ක ගෙන් සමත්විත වන අතර, එම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් KP Sreesan කටයුතු කරනු ලබයි.
‘INS Jyoti’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්වුණු අතර, අද (2025 අගෝස්තු 14) සිට දින පහක් (05) පුරා කොළඹ වරාය සහ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී පැවැත්වෙන SLINEX – 25 ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයෙන් පසුව, මෙම නෞකා ද්විත්වය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.
තවද, SLINEX – 25 ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයට සමගාමීව, දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීම සඳහාද මෙම නෞකාවන්ගේ කාර්ය මණ්ඩල සහභාගීවීමට නියමිතව ඇත.