නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ආරච්චිකට්ටුවේදී ජනතා අයිතියට

නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ සන්ෂයින් ෆවුන්ඩේෂන් ‍ෆෝ ගුඩ් හා සන්ෂයින් හෝල්ඩින් පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වයෙන්, පුත්තලම දිස්ත්‍රීක්කයේ ආරච්චිකට්ටුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ හලා/හැළඹවටවන ජාතික පාසලේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම, 2025 අගෝස්තු මස 21 වැනි දින සිදු කෙරිණි.

මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයත් සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1121ක් ජනතා අයිතියට පත් කර ඇති අතර, මෙම මධ්‍යස්ථානය මඟින් ආරච්චිකට්ටුව හැළඹවටවන ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.