නාවික පරිපාලනය සහ සුභසාධනය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නාවිකයන් දැනුවත් කිරීමේ එක්දින වැඩ මුළුවක් නාවික හමුදා මුලස්ථානයේදී
නාවික හමුදා විධාන ආවරණය වන පරිදි සිදුකරන ලද නිරීක්ෂණ වාරිකා වන්හීදී විශේෂ අවධානයට ලක් වු කරුණු සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නාවිකයින් දැනුවත් කිරීමේ එක් දින වැඩ මුළුවක් නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරී පීආර්එම්ජීබී පුස්සල්ලමංකඩ ජ්‍යෙෂ්ඨ නාවිකයා ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ සහභාගීත්වයෙන් 2025 අගෝස්තු මස 25 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන අධ්යක්ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් සංජීව ප්‍රේමරත්නගේ ප්‍රධානත්වයෙන්, අධ්යක්ෂ නාවික පුද්ගල ඇතුළු නිලධාරීන් විසින් සිදුකරන ලද; නාවිකයින්ගේ සුභසාධන කටයුතු, උසස් වීම්, පුද්ගල කළමනාකරණය, නිවැරදිව ලඝු නඩු විභාගයක් පවත්වන ආකාරය, නාවිකයින් සිදුකරනු ලබන විනය විරෝධී හා නීති විරෝධී ක්‍රියා ආදී වූ විෂයගත කරුණු සම්බන්ධව දැනුවත් කිරීමේ දේශනයන් ගෙන් සමන්විත විය.
තවද, මෙම අවස්ථාව සඳහා සියළුම අංශ වල ජ්‍යෙෂ්ඨ නාවිකයින්, නෞකා හා ආයතනයන්ගේ විනය පාලකවරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිවාසයන්ගේ සභාපතිවරුන්, පුහුණු ආයතනයන්ගේ ප්‍රධාන උපදේශකයින් සහ ප්‍රධාන සරඹ උපදේශකයින් මෙම වැඩමුළුව සඳහා සහභාගී වී සිටියහ.