Pacific Angel – 2025 අභ්‍යාසය සඳහා නාවික හමුදාව එක්වෙයි
කලාපීය ආරක්‍ෂක සහයෝගීතාවයේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව; එක්සත් ජනපද පැසිෆික් බලකාය, රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාව, ජපාන ස්වයං ආරක්‍ෂක ගුවන් බලකාය, මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකාය, බංග්ලාදේශ ගුවන් හමුදාව, ඉන්දියානු ගුවන් හමුදාව සමඟ එක්ව සිදුකරනු ලබන Pacific Angel – 2025 අභ්‍යාසයට සමඟාමීව, මාරවිල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති විවෘත මුහුදේ සෙවීම සහ ගලවා ගැනීමේ අභ්‍යාසය (Search and Rescue Open Water Operation) සඳහා 2025 සැප්තැම්බර් මස 09 වැනි දින ශ්‍රී ලංකා නාවික හමුදාව එක්විය.
ඒ අනුව, එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවට අයත් USAF C - 130 සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 ගුවන් යානා එක්ව සිදුකල Swift Water Recovery Operation අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍ෂණික ප්‍රතිචාර සහ මුදවා ගැනීමේ සහන ඒකකයේ (4RU) සාමාජිකයින් සහභාගී වූහ. තවද, වේග ප්‍රහාරක යාත්‍රාවක් (01), Combat Rubber Raiding Craft තුනක් (03) සහ ජීවිත ආරක්‍ෂක නාවිකයින් විවෘත මුහුදේ සෙවීම සහ ගලවා ගැනීමේ අභ්‍යාසය සඳහා සහභාගී විය.
එමෙන්ම, මෙවැනි ඒකාබද්ධ අභ්‍යාස සඳහා සහභාගීවීම මඟින්, විවෘත මුහුදේ සිදුවන හදිසි ආපදා තත්වයන්හීදී, ජීවිත හානි අවම කර ගනිමින්, ඒ සඳහා ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කර ගැනීම මෙන්ම සාමූහිකව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාවනු ඇත.