‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සඳහා නාවික හමුදා දායකත්වය
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ, ‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ යන තේමාව පෙරදැරිව, කලා වැව් පිටියේ ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලි ශාක ගලවා ඉවත් කර, වන අලින්ගේ ආහාර අවශ්‍යතාවය සඳහා තණකොළ වැවීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන්, කලාගම හා බලලුවැව ආශ්‍රිතව 2025 සැප්තැම්බර් මස 05 සිට 07 දින දක්වා සිදුකෙරුණු, කලා වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා දායකත්වය ලබාදීම සිදුකෙරිණි.
ඒ අනුව, තෙදිනක් (03) පුරා පැවැත්වුනු මෙම කලා වැව පිරිසිදු කිරීමේ වැඩසටහන, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්; ආරක්‍ෂක අමාත්‍යාංශය, ත්‍රිවිද හමුදාව, සිවිල් ආරක්‍ෂක බළකාය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, වනජීවි දෙපාර්තමේන්තුව, පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධාන සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරුණි.