සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහය
සපුගස්කන්ද, තෙල් පිරිපහදු සංකීර්ණයේ අළුත්වැඩියා කරමින් තිබූ තෙල් ටැංකියක 2025 සැප්තැම්බර් මස 10 වැනි දින සන්ධ්‍යා කාලයේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා, ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව, සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයේ අළුත්වැඩියා කරමින් තිබූ තෙල් ටැංකියක හදිසි ගින්නක් ඇතිවී ඇති බවත්, එම ගින්න මැඩපවත්වා පාලනය කිරීම සඳහා නාවික හමුදාවේ සහය ලබා දෙන ලෙසත්, බටහිර නාවික විධාන මෙහෙයුම් මැදිරිය වෙත ලද පණිවිඩයකට අනුව, වහාම ක්‍රියාත්මක වු නාවික හමුදාව, එම විධානයට අයත් ගිනි නිවීමේ රථයක් (01) සහ ජල බවුසරයක් (01) ගිනි නිවීමේ කණ්ඩායමක් සමඟින් එම ගින්න පාලනය කිරීම සඳහා යොමු කෙරිණි.
නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම අනෙකුත් ගිනි නිවීමේ කණ්ඩායම් හා එක්ව ඇතිවු ගින්න මැඩපවත්වා පාලනය කිරීමට දායක විය.