කොට්ටුකච්චිය වැවේ අක්‍රීය සොරොව් දොරටුව අළුත්වැඩියාව සඳහා නාවික හමුදා කිමිදුම් සහය
ආනමඩුව, කොට්ටුකච්චිය වැවේ අක්‍රීය තත්වයේ පැවති සොරොව් දොරටුව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සඳහා, 2025 සැප්තැම්බර් මස 11 වැනි දින කිමිදුම් සහාය ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
කොට්ටුකච්චිය වැවේ සොරොව්ව අක්‍රීයවී ඇති බවත්, එහි දියයට පරීක්‍ෂාකර අවශ්‍ය අළුත්වැඩියාව සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහය ලබා දෙන ලෙසත්, පුත්තලම වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් නාවික හමුදාව වෙතින් ඉල්ලීමක් සිදුකෙරිණි. එම ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දැක්වු නාවික හමුදාව, ඒ සඳහා වයඹ නාවික විධානයට අයත් කිමිදුම් කණ්ඩායමක සහය ලබා දීමට මෙලෙස කටයුතු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදා කිමිදුම් කණ්ඩායම මඟින් සොරොව් දොරටුව අවහිර වන පරිදි සිරවී තිබූ වැලි, මඩ සහ පාෂාන කොටස් මහත් පරිශ්‍රමයක් යොදා ඉවත්කර සොරොව් දොරටුවේ ක්‍රියාකාරීත්වය යතාතත්වයට පත් කිරීමට කටයුතු කෙරිණි.