“ශිල්පීන්ගේ දිනය”නාවික හමුදා මුලස්ථානයේදී සැමරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිල්පීය අංශයේ නාවිකයින්ගේ වෘත්තීය නිපුණතාවය වර්ධනය කිරීම වෙනුවෙන් ප්‍රථම වරට සංවිධානය කළ “ශිල්පීන්ගේ දිනය” (Artificers’ Day) වැඩසටහන 2025 සැප්තැම්බර් මස 10 වැනි දින නාවික හමුදා මුලස්ථානයේ, අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
ඒ අනුව, ශිල්පීන්ගේ දිනය වෙනුවෙන් අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකුගේ සම්පත් දායකත්වයෙන් හරවත් දේශනයක් පැවැත්විණි. එහිදී, නාවික හමුදාවේ තාක්‍ෂණික අංශයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන ශිල්පීය අංශයේ නාවිකයින්ගේ වෘත්තීය හැකියාව වැඩි දියුණු කිරීම, නව තාක්‍ෂණය සහ කෘත්‍රීම බුද්ධිය ඉංජිනේරු විද්‍යාවේ කටයුතු සඳහා භාවිතයට ගැනීමේ ඇති හැකියාව ඇතුළු වැදගත් සංකල්ප පිළිබඳව දැනුවත් කෙරිණි.