නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, පොළොන්නරුව ඇළහැර මහසෙන් ජාතික පාසලේ සහ මොණරාගල සියඹලාණ්ඩුව දනකිරිය ප්‍රාථමික පාසලේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන ජනතා අයිතියට පත්කිරීම 2025 සැප්තැම්බර් 13 සහ 15 දින එම විදුහල් පරිශ්‍රයන්හීදි සිදුකෙරිණි.

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය ඇතිව, දිස්ත්‍රික් ග්‍රැන්ඩ් ලොජ් ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් සහ කොයිල් කාන්තා සංසඳයේ මූල්‍ය දායකත්වයෙන් ස්ථාපනය කෙරුණු මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ත් සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1125ක් ජනතා අයිතියට පත්කර ඇති අතර, මෙලෙස ජනතා අයිතියට පත්කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථාන 02 මඟින්, අළහැර මහසෙන් ජාතික පාසලේ සහ සියඹලාණ්ඩුව දනකිරිය ප්‍රාථමික පාසලේ ඉගෙනුම ලබන පාසල් ළමුන් ඇතුළු ඒ ආශ්‍රිතව ජීවත්වන විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, රජය මගින් ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යපෘතියට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිරිසිදු පානීය ජලය ලබා දීමේ මෙම සමාජ සත්කාරය සඳහා ඉදිරියටත් අඛණ්ඩව දායක වෙයි.