නව භාෂා පරිගණක විද්‍යාගාරයක් ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විවෘත වෙයි

පුහුණු වන නිලධාරින් සහ නාවිකයින්ගේ භාෂා කුසලතාවය හා ඩිජිටල් සාක්‍ෂරතාවය ඉහල නැංවීම අරමුණු කරගනිමින්, ඇමෙරිකා එක්සත් ජනපදයේ පුර්ණ ආධාරයෙන් සහ නාවික හමුදා තාක්‍ෂණික සහ ශීල්පීය දායකත්වයෙන් ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉදිකල නව භාෂා පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම, 2025 සැප්තැම්බර් මස 15 වැනි දින අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Lieutenant Colonel Matthew House ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ඒ අනූව, පරිගණක 30 කින් හා සුහුරු පුවරුවකින් සමන්විත අංග සම්පූර්ණ නව භාෂා පරිගණක විද්‍යාගාරය ස්ථාපනය කිරීම මඟින් නව තාක්‍ෂණය නාවික හමුදා පුහුණු ක්‍ෂේත්‍රය සඳහා යොදා ගනිමින් අනාගත අභියෝග සඳහා තරුණ නාවික හමුදා පුද්ගලයන් සූදානම් කිරීම නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, පුහුණු උපදේශක මණ්ඩලය සහ පුහුණුවන නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.